Posts

ප්‍රේමයක ඍතු සංධ්වනිය 🌹 🍂🍁⛆

Image
            T he Four Seasons Symphony මාව වෙනස් කරපු සංගීත සංධ්වනියක් කිව්වොත් වැරදි නෑ. මම ඇත්තටම එහෙම symphony  උනන්දුවෙන් අහන කෙනෙකුත් නෙමේ. හැබැයි මේක අහපු මුල් කාලෙට වඩා මේ මෑතකදි ආයෙමත් ඒක ඇහුවහම මට වෙනම ම හැඟීමක් ආපු නිසයි මේක ලියන්න හිතුවෙ.                  මුලින්ම මම කියන්නම්කො The Four Seasons  symphony එක  අහන්න  ලැබුනෙ කොහොමද කියලා. දැන් ටික කාලෙකට කලින් සන්තුස ලියනගේ කියන විශිෂ්ට ටෙලි නාට්‍ය අධ්‍යක්ෂකවරයා අතින් ටෙලි චිත්‍රපට ගණයේ කතා මාලා කිහිපයක් භාව තීර්ත කියන නමින් රූපවාහිනියෙ විකාශය වෙනවා. අන්න ඒ කතා මලා කීපය ඇතුළෙ විකාශය වුණ වයිලීනයේ හඬ  කියන ටෙලි චිත්‍රපටයෙ තමා මේ  Symphony එක ගැන කතා වෙන්නෙ. ඒ කතාවටත්  Symphony එකටත් මම වශී වුණා කිව්වොත් හරි.  Antonio Vivaldi                  The Four Seasons ඇන්තෝනියෝ විවැල්දි (Antonio Vivaldi) නම් ශ්‍රේෂ්ඨ ඉතාලියානු සංගීතඥාගේ නිර්මාණයක්.1718 - 1720 අතර කාලවලදි මේ S...

බිඳුනු තල්රුක යට සිටි රතු කුසුම 🌹 රාජිනී

Image
                   යුද්ධයෙන් අපට අහිමි වූ දෑ බොහෝ ය. විශාල දේපල හානි රැසක් ද මිනිය නොහැකි තරම් වූ ජීව්ත හානි රැසක් ද ඒ අතර වෙයි. උතුරේ මිනිසුන් පමණක් නොව දකුණේ මිනිසුන් ද යුද්ධයෙහි අදුරු සෙවනැලි තුළ තිස් අවුරුද්දක් බැට කා අද වන විට සාමයේ අරුණලු භුක්ති විදිමින් පසුවීම මහත් අස්වැසිල්ලක් ලෙස මම දකිමි.  දේශපාලනයෙන් රටට උරුම කර දුන්  ජාතිවාදි ගින්න බොහෝ මිනිසුන්ගේ මානව හිමිකම් ද උදුරාගත් බැව් පැවසීම අවිවාදිතය. එහෙයින් යුද්ධයෙන් පැහැර ගත් මානව අයිතිවාසිකම් වෙනුවෙන් නොබියව හඬ නංවමින් ජීවිතයද කැප කෙරූ වචනයේ පරිසමාප්තයෙන් ම රැඩිකල් ගැහැනියක් පිළිබඳ කෙරෙන විමසුමයි මේ......                 1954 පෙබරවාරි 23 වන දින යාපනයේ දී  රාජිනී රාජසිංහම් උපත ලැබු  අතර ඇය දමිළ ක්‍රිස්තියානි සමාජයකින් පැවත එන්නෙක් විය. ඇයගේ පියා වඩුක්කොඩෙයි යාපනය විද්‍යාලයෙහි නියෝජ්‍ය විදුහල්පති වූ අතර නිර්මලා , සුමති සහ වාසුකී නමින් සොහොයුරියන් තිදෙනෙකු ඇයට විය. කුඩා කළ සිටම වෙනස් මතවාදයන් තුළින් ලෝකය දෙස බැලූ රාජිනී රැඩ...

ගිනි මැදින් ලියැවුණු සහෝදරත්වයේ කවි !

Image
                     ශ්‍රී ලංකාවේ වාර්ගික අරගලය පසුබිම්                   කරගනිමින් ලියැවුණු කවි ( 1980 / 1988 )                     අපි දන්න කාලෙ ඉදලා අදවෙනකල් ම ජනවාර්ගික ගැටලු කිසි අඩුවක් නැතුව තියන රටක් මේක. මූලික ජන වර්ග හතරක් මේකෙ ඇතුලෙ ජීවත් වුණත්, එකිනෙකා පරයා යෑමට කුලල් කා ගැනීම ම ඛේදයක්.  . සාමාන්‍ය පුරවැසියො වෙන අපිට අනිත් සහෝදරයින් ගැන කිසිම අවුලක් නැති වුනත් දේශපාලඥයොන්ට නම් දෙපැත්ත කොටවන්න සෑහෙන්න උවමනාවක් තියනවා කියලා කියන්න ඕන නෑනෙ. රටේ ඇති වෙච්ච හැම කෝලාහලයකටම හර්තාලයකටම අරගලයකටම බෝම්බ පිපිරීමකටම දේශපාලනය ඍජුව හෝ වක්‍රව සම්බන්ධ වෙනවා. සියවසක් ඇතුළත අපිව කණපිට ගහපු හර්තාල,අරගල,කෝලහල එකින් එක මතක් කරොත් , 1915 -  මරක්කල කෝලාහලය 1958 - ශ්‍රී අරගලය 1983 - කලු ජූලිය               අවුරුදු තිහක යුද්ධෙ ඉදලා සහරාන් බෝම්බ දාන දවස වෙනකල් ජනවාර්ගික ප්‍රශ්නවලින් ඉහටත් උඩින් බැට ක...

වම් ඉවු‍රෙන් බැස ගිය පතී !

Image
වම් ඉවු‍රෙන් බැස ගිය පතී !                 ලංකාවේ සිනමාවක් තිබ්බ ද එහෙමත් නැත්තම් දැන් එහෙම එකක් නැද්ද කියන එක අපි අදටත් සෑහෙන්න හිතන , එහෙම හිතලා ඔලුව බරකරන් මනෝපාරකට හොඳ ප්‍රවේශයක් ගන්න හිතෙන ප්‍රශ්නයක් .ඉතිං අපි ඒ ප්‍රශ්නෙ පොඩ්ඩකට පැත්තකින් තියමුකො.මොකද ඒක මනෝපාරකින්වත් ලෙහාගන්න  පුලුවන් තරමේ ප්‍රශ්නයක් කියලා මම හිතන්නෙ නැහැ.               ප්‍රශ්නෙ වෙනස් කරලා මෙහෙම ඇහුවොත් මම නම් හිතන්නෙ මේකට අනිවාර්‍ය පිලිතුරක් ඔය මනෝපාර ඇතුළෙ තියෙන්න පුලුවන්.               ලංකාවෙ විකල්ප සිනමාවක් තිබිලා නැද්ද?                    සිනමාව ලෝකෙට බිහිවෙලා තියෙන්නෙ ම තමන් දරන මතයන් විකල්පවාදීව ජනගත කිරීමේ හොඳ උත්සහයක් විදිහට. හැබැයි දැන් ඕකම කනපිට පෙරලිලා වෙන වෙන අයගේ වන්දිබට්ට සේවයෙන් උපන් මතයන් සිනමාවෙන් එළියට දාන්න හදන එකම එක්තරා විදිහකට බරපතළ ඛේදයක්.         හරි දැන් මුලින් අහපු ප්‍රශ්නෙට උත්තරයක් දෙමුකෝ.ලංකාවේ හ...

ඒ ප්‍රේමවන්තයාට සෙනෙහසිනි !

Image
ඒ ප්‍රේමවන්තයාට සෙනෙහසිනි !★                 ලෝකයේ ආදරණීයම මනුස්සයා කවුද කියලා ඇහුවොත් එක එක අයට එක එක උත්තර තියෙන්න පුලුවන්.අම්මා, තාත්තා,පෙම්වතා පෙම්වතිය,සැමියා,බිරිඳ ඔය ඕනෑම උත්තරයක් ඔය වගේ ප්‍රශ්නෙකට දෙන්න පුලුවන්.කොහොම වුණත් මම අද ලියන්න යන්නේ ලෝකයේ ආදරණීය මිනිසා වගේම ආදරණීයම තාත්තා ගැන කිව්වොත් ඔබ විශ්වාස කරනවද ?                                                    ඒ චේ...                අර්නස්ටෝ චේ ගුවේරා එහෙමත් නැත්නම් චේ දන්න නොදන්න අය බොහෝ දෙනෙක්  අඳුනන්නෙ හොඳ විප්ලවවාදී සහ මානවහිතවාදී මනුස්සයෙක් විදිහටයි. හැබැයි ඔහු තුළ සිටි ප්‍රේමාන්විත ආදරණීය මිනිසා ගැන කවුරුත් කතා කරන්නෙ නැති තරම්.මම හිතන්නෙ නැහැ චේ තරම් ප්‍රේමණීය විප්ලවාදියෙක් , ආදර හසුන් ලියන්නෙක් ඉදීවි කියලා.                ප්‍රේම කරන කාලෙදිත් , විවාහයෙන් පසුවත් ඔහු අත...

ඡන්දෙ දාන්නම ඕන ද?

Image
ඡන්දෙ දාන්නම ඕන ද?            ' ඡන්දය' අපි හැමදාම වගේ ලොකුවට කතා කරන, මට නම් හෙන තිත්ත මාතෘකාවක්. කොහොම වුණත් තිත්ත ටිකක් දැනෙන්න ගන්නෙ පස්සෙ හින්දමද කොහෙද අපිම මල් මාල දාලා පාර්ලිමේන්තුවට යවන අය දිහා අපිටම බලාගෙන හූලන්නත් කාලයක් එනවනේ.                    මේ වෙනකොට අපි කොරෝනා උණුසුමින් හෙට මැරෙයි ද කියලා රත් වෙවී හිටියත්, මැකෝ ප්‍රමුඛ අපේක්ෂක නඩේ නම් කොහෙවත් නැති ඡන්ද උණුසුමක් මැද්දෙ වැළලෙන්න හදන එක නම් හිරිකිතයක්. කොරෝන හින්දම කැන්වසින්වලින් බේරිලා පාඩුවෙ ඉන්න පුලුවන් වුණත් TV චැනල්ස් ඉස්සරහ හෙන ප්‍රජාතාන්ත්‍රිකයො ටිකක් රඟනවා බලන් ඉන්න අපිට, වෙනම ගාණක් ගෙවන්න ඕන කියන එකනම් අනිවා කියන්න ඕන දෙයක්.                              මට බැලට් පේපරේකට කතිරෙ ගහන්න හම්බුනේ නම් මේ ළඟදි තමයි. හැබැයි ඉතින් තේරෙන කාලෙදි ඉදලා මෙකේ ඇතුළෙ වුණ ඡන්ද කෙරුවාව ගැන නම් අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. ඡන්දෙ ළං වුණහම අපේක්ෂක මහත්තුරුන්ගේ පොරොන්දු පත්‍රිකාව...

කැමරාවේ ස්ත්‍රී සලකුණ

Image
කැමරාවේ ස්ත්‍රී සලකුණ   📸             ගෑනුන්ගේ මොලේ හැන්දිමිටේ තරම්වත් නෑ කියලා පිරිමි හැම වෙලේම කාන්තාව පහතට දාල කතා කරන්න පුරුදු වුණේ අද ඊයේ නෙමෙයි නෙ. දකුණු ආසියානු කලාපයේ ජීවත්වන අපි වගේ ආගම්වාදී රටක කාන්තාව ගෙයි මුල්ලේ තියාලා පිරිමි වැඩ්ඩෝ වුණ අවස්ථා අතීතයේ දී දකින්න හම්බුනත් අද වෙනකොට කාන්තාව කියන භූමිකාව ගෙයි එලිපත්තට ඇවිල්ලා සමාජීය වශයෙන් සෑහෙන තැනක් අත්පත් කරගෙන තිබීම ම ලොකු ජයග්‍රහනයක්.          කොහොම වුණත් ආසියාවේ වගේම යුරෝපීය සමාජය ද අතීතයේ ඉදලා ම කාන්තාව දෙස බැලුවේ ලිංගික වස්තුවක් විදිහට වගේම ගෙදර මෙහෙකාර තනතුරේ තියලා කියන එක නම් අමුතුවෙන් කියන්න ඕන කාරණයක් කියලා මං හිතන්නෙ නැහැ.          කැමරාව ලෝකයට බිහි වෙන්නෙම රඳල, මෙන්ම පිරිමි අත රැඳෙන අමුතු ආකාරයේ භාණ්ඩයක් විදිහටමයි. පිරිමින් තමන්ගේ පුර්ෂාධිපත්‍ය තවතවත් යහමින් ලෝකයාට පෙන්වන්නටත් කැමරාව මුල් කාලයේ දී භාවිතයට ගත්තා. කොහොමින් කොහොම හරි කාලයාගේ ඇවෑයමෙන්  ඡායාරූපශිල්පය පිරිමින්‍ට සින්නක්කරවම අයිති වෙනවා.       60 දශකය ...