බිඳුනු තල්රුක යට සිටි රතු කුසුම 🌹 රාජිනී
යුද්ධයෙන් අපට අහිමි වූ දෑ බොහෝ ය. විශාල දේපල හානි රැසක් ද මිනිය නොහැකි තරම් වූ ජීව්ත හානි රැසක් ද ඒ අතර වෙයි. උතුරේ මිනිසුන් පමණක් නොව දකුණේ මිනිසුන් ද යුද්ධයෙහි අදුරු සෙවනැලි තුළ තිස් අවුරුද්දක් බැට කා අද වන විට සාමයේ අරුණලු භුක්ති විදිමින් පසුවීම මහත් අස්වැසිල්ලක් ලෙස මම දකිමි. දේශපාලනයෙන් රටට උරුම කර දුන් ජාතිවාදි ගින්න බොහෝ මිනිසුන්ගේ මානව හිමිකම් ද උදුරාගත් බැව් පැවසීම අවිවාදිතය. එහෙයින් යුද්ධයෙන් පැහැර ගත් මානව අයිතිවාසිකම් වෙනුවෙන් නොබියව හඬ නංවමින් ජීවිතයද කැප කෙරූ වචනයේ පරිසමාප්තයෙන් ම රැඩිකල් ගැහැනියක් පිළිබඳ කෙරෙන විමසුමයි මේ......
1954 පෙබරවාරි 23 වන දින යාපනයේ දී රාජිනී රාජසිංහම් උපත ලැබු අතර ඇය දමිළ ක්‍රිස්තියානි සමාජයකින් පැවත එන්නෙක් විය. ඇයගේ පියා වඩුක්කොඩෙයි යාපනය විද්‍යාලයෙහි නියෝජ්‍ය විදුහල්පති වූ අතර නිර්මලා , සුමති සහ වාසුකී නමින් සොහොයුරියන් තිදෙනෙකු ඇයට විය. කුඩා කළ සිටම වෙනස් මතවාදයන් තුළින් ලෝකය දෙස බැලූ රාජිනී රැඩිකල් මතවාදයන් සමඟ තරුණවියට පා තැබීය. චුන්ඩුකුලි විද්‍යාලයෙන් සහ යාපනය විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ රාජිනී, පසුව කොළඹ විශ්වවිද්‍යාලයෙහි වෛද්‍ය පීඨයට ඇතුළත් විය. අනතුරුව එම විශ්වවිද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය හිමිකරගත් ඇය ලිවර්පූල් විශ්වවිද්‍යාලයෙන් පශ්චාත් උපාධිය ද හිමිකර ගැනීමට සමත් විය.
මේ කාලය යාපනයේ දමිළ ප්‍රජාව තම අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කළ සහ ඒ සඳහා කුඩා සංවිධාන පිහිටුවාගන්නට උත්සහ දැරූ සමයක් විය. සිංහල ප්‍රජාව විසින් ක්‍රමිකව බිඳ දමමින් තිබූ දමිළ ප්‍රජාවගේ නිදහස , සමානාත්මතා අයිතීන් නැවත ලබාගැනීමට මෙම සංවිධාන පිහිටුවීමේ අරමුණ විය. LTTE සංවිධානය ද ඒ අතර වූ නමුත් එය දරුණු ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නොපැවති අතර ඔවුන් එය පිහිටුවාගැනීමේ අරමුණ වූයේ ද අයිතිවාසිකම් දිනාගැනීමේ අභිප්‍රායෙන් විනා ත්‍රස්තවාදය පැතිරවීම කරණකොටගෙන නොවීය. රාජිනීගේ සොහොයුරිය වූ නිර්මලා ද එල්ටිටී සංවිධානයට බැඳී වැඩ කළ අතර එකල ඉන්දියානු හමුදාව සමඟ එල්ටිටීය නිතර ගැටුම් ඇති කර ගත්හ. රාජිනී තුවාල ලැබූ එල්ටීටී සාමාජිකයන්ට ප්‍රතිකාර කිරීමට බැදී සිටි අතර ක්‍රමිකව එම සංවිධානයට නැතුවම බැරි පුද්ගලයෙකු බවට රාජිනී නිතැනින්ම පත්විය. කෙසේ නමුත් කලක් ගත වන විට එල්ටීටීය මානව හිමිකම් කඩ කරමින් තම අයිතිවාසිකම් දිනා ගන්නා බවට තේරුම් ගත් රාජිනී , එල්ටීටීය විසින් සිදුකරන මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ඍජු හඬක් නැගීමට සමත් විය. පසුව ඇය තීරණය කරනු ලැබූයේ එම සංවිධානයෙන් ඉවත් වීමට ය.
රාජිනී ගේ ප්‍රථම ප්‍රේමය දලු ලා වැඩෙන්නෙ ඇගේ විශ්වවිද්‍යාල සමය තුළදීම ය. ඒ කැලණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගමේ සභාපතිවරයා වූ දයාපාල තිරාණගම සමඟයි. ඔහු සිංහල බෞද්ධ නැඹුරුවක් සහිත පුද්ගලයෙකු වූ අතරම රැඩිකල් මතධාරී තරුණයෙක් ද විය. එහෙයින් මේ දෙදෙනාගේ ප්‍රේම සම්බන්ධය හුදෙක් ප්‍රේමයට පමණක් සීමා නොවී යම් මතවාදි මාවතක් ඔස්සේ විහිදී යන්නක් විය. 1977 වසරේ ඔවුන්ගේ විවාහය උත්සවයකින් තොරව සිදුවූ අතර කොළඹ දමිළ විරෝධී අරගලයන් ආරම්භ වූ සමයක එය සිදුවීම විශේෂිතය. විවාහයෙන් ඇයට ශාරිකා සහ නර්මදා ලෙසින් දියණියන් දෙදෙනෙකු ලැබීය.
කෘතිය හැඳින්විය හැකිය. ශ්‍රී ලංකාවේ දමිළ ප්‍රජාවගේ අර්බුදය ඉතා සියුම් ආකාරයෙන් සමාජගත කිරීමට මෙම කෘතිය විශාල පිටිවහලක් පාඨකයාට ලබාදෙයි. 1989 සැප්තැම්බර් 21 වන දින යාපනයට තවත් එක් අඳුරු දිනයක් විය. රාජිනී සුපුරුදු ලෙස විශ්වවිද්‍යාලයෙහි සිට නිවසට පා පැදියෙන් යන අතර මඟදී නාදුනන තුවක්කුකරුවන් විසින් ඇයගේ හිසට වෙඩි පහරවල් දෙකක් එල්ල කරමින් පලා ගිය අතර වෙඩි පහරින් බෙරීම සඳහා ඇය තම දෙඅතින්ම මුහුණ ආවරණය කරගනිමින් බිම ඇද වැටෙන්නට වුවාය. යාපනයම කම්පා කරමින් ඇය ලේ විලක් මැද වැතිර සිටින්නට විය.
කෙසේ නමුත් 1989 සැප්තැම්බර් 25 වන දින නල්ලූර්හි පවුලේ සුසාන භූමියේ දී
රාජිනී ගේ නිසල දේහය මිහිදන් කෙරුණි.
රාජිනී තම මරණයට දින 14 කට පෙර තම යහලුවෙකුට ලියූ ලිපියකින් මම මෙම සටහන අවසන් කරමි. එය ඇයගේ ආත්මීය ප්‍රකාශයනයක් ලෙසින් මේ මිහිතලය මත සදා සටහන්ව පවතිනු ඇත.
'කවදා හෝ දවසක තුවක්කුවක් මා නිහඬ කරනු ඇත. එය සාමාන්‍ය මිනිසෙක් විසින් සිදුකරන්නක් විය නොහැක. මාගේ ඉතිහාසය බෙදාගන්නා මේ සමාජයේ ජීවත්වන එක් කාන්තාවකගේ කුසෙන් ඉපදුනු පුතෙකු විසින් එල්ල කරන ලද තුවක්කුවක්ම විය හැකිය.'
No More Tears Sister වාර්තා චිත්‍රපටය පහත සඳහන් සබැඳියන් ඔස්සේ ඔබට නැරඹිය හැකිය.
- https://www.youtube.com/watch?v=d0a7zPFnMLM - No More Tears Sister - Trailer
- https://www.youtube.com/watch?v=O_fJOgU9zf8
- https://www.youtube.com/watch?v=R6I0Wst-uxA&t=13s
- https://www.youtube.com/watch?v=g8USAbtAT7Y
Rajini Rajasingham Thiranagama: Unforgettable Symbol of Sri Lanka’s Tamil Tragedy - D.B.S. Jeyaraj
❤💯
ReplyDelete💓
Deleteඒ ගත වුණ අඳුරු කාල පරිච්ඡේදය අපිට කෙතරම් දේවල් නැති කලා ද? රාජිනී කියන්නේ අපිට අහිමි වුණ තවත් සම්පතක්..
ReplyDeleteවටිනා සටහනක් සහෝදරී . ඔබට ජය!!
💓
DeleteExcellent putha
ReplyDelete💓
DeleteGood job ❤❤❤
ReplyDelete💓
Delete🖤🔥
ReplyDelete💓
DeleteOne of the best posts I've read on this blog... Great job Anudi! 👏🏽😀And thank you for sharing all the links and resources with us!
ReplyDelete💓
Delete❤️❤️
ReplyDelete💓
Delete💓
Delete❤️❤️
ReplyDelete💓
Delete♥️♥️💯🔥
ReplyDelete💓
Deleteජාතිවාදය, යුද්ධය අපට අහිමි කල වීර කාන්තාවක්..
ReplyDelete💓
Delete❤️😍
ReplyDelete💓
Delete❤️❤️❤️
ReplyDelete💓
Deleteඅනූ ❤❤❤❤
ReplyDelete💓
Deleteවටිනා ලියමනක්
ReplyDelete💓
Delete