ඒ ප්‍රේමවන්තයාට සෙනෙහසිනි !
ඒ ප්‍රේමවන්තයාට සෙනෙහසිනි !★
ලෝකයේ ආදරණීයම මනුස්සයා කවුද කියලා ඇහුවොත් එක එක අයට එක එක උත්තර තියෙන්න පුලුවන්.අම්මා, තාත්තා,පෙම්වතා පෙම්වතිය,සැමියා,බිරිඳ ඔය ඕනෑම උත්තරයක් ඔය වගේ ප්‍රශ්නෙකට දෙන්න පුලුවන්.කොහොම වුණත් මම අද ලියන්න යන්නේ ලෝකයේ ආදරණීය මිනිසා වගේම ආදරණීයම තාත්තා ගැන කිව්වොත් ඔබ විශ්වාස කරනවද ?
ඒ චේ...
අර්නස්ටෝ චේ ගුවේරා එහෙමත් නැත්නම් චේ දන්න නොදන්න අය බොහෝ දෙනෙක් අඳුනන්නෙ හොඳ විප්ලවවාදී සහ මානවහිතවාදී මනුස්සයෙක් විදිහටයි. හැබැයි ඔහු තුළ සිටි ප්‍රේමාන්විත ආදරණීය මිනිසා ගැන කවුරුත් කතා කරන්නෙ නැති තරම්.මම හිතන්නෙ නැහැ චේ තරම් ප්‍රේමණීය විප්ලවාදියෙක් , ආදර හසුන් ලියන්නෙක් ඉදීවි කියලා.
ප්‍රේම කරන කාලෙදිත් , විවාහයෙන් පසුවත් ඔහු අතින් ආදර හසුන් ලියවෙනවා.චේ විවාහයන් දෙකක හිමිකරුවෙක් වුණත්, ඔහුගේ ප්‍රේමණීය , විප්ලවාදී හැඟීම්වලට ඍජු බලපෑමක් එල්ල කරන්නෙ දෙවන විවාහක බිරිඳ වන ඇලීඩා මාර්ච්.
ඇලීඩාට ලියපු පෙම් හසුන් ප්‍රේමණීය හැඟීම් සමුදායක එකතුවක්.ඒ වගේම එක් එක් ලියමන්වල යුද්ධයේ ස්වාභාවය, ඉදිරියේ දී පවතින අවිනිශ්චිත කාල පරාසයන් වගේම සෑම විටම ඇලීඩාගේ බලාපොරොත්තු මෙන්ම අධිෂ්ඨානයන් එලෙසම බිඳීයන්නට නොදී පවත්වාගෙන යන්නට ද එම ලියමන් බොහො සෙයින් රුකුල් සැපයීමක් කළා කියලා මට හිතෙනවා..
මා ප්‍රිය ආර්‍යාවෙනි,
මේ දොර කවුලු තුළින් හුදකලාව පලායමින් ඔබේ හරිතවන් දිවයින සොයා ඇදෙයි. කෙදිනක හෝ අපේ දරු පැටවුන් ද සමඟ අතිනත් පටලවාගෙන අතීතයේ සේයාවන් සමරමින් ඇවිද යන්නට ඇත්නම්......
එය එසේ නොවේ නම් එය ඔබේ සිහිනයක් ව තිබුනාවේ .
ඉතා ගෞරවයෙන් මා ඔබේ දෑත් සිපගනිමි.
මේ ඔබේ සිඟිති පෙම්වතා
චේ !
'මීට ඔබේ සිඟිති පෙම්වතා' , ' හාදු සමඟ චේ' , 'මීට ආදර සැමියා', 'ඔබේම ආදර ටාටූ' විදිහට ඔහු හැම ආදර හසුනකම යටින් තම ආදරය ප්‍රකාශ කරන විදිහම ප්‍රේමණීයයි.
මගේ ආදරිය,
මේ නගරයේ දී මා අපගේ අලුත්ම අත්පත් කරගැනීම හඳුනාගත්තෙමි. ඔබ හැම විටම ස්ථිරවම සිතන්නේ මා හොඳින් ආපසු නොයෙනු ඇතැයි කියාය. හොඳයි.කෙසේ වෙතත් මා ඔබ දෙදෙනාටම හාදුව බැගින් එවන්නම්.
මතක තබා ගන්න කිසිවිටෙකත් ඉහිරුණු කිරට අඬන්න එපා.
හාදු සමඟ චේ!
(කුලුදුල් දියණියගේ උපන් ආරංචිය නිමිත්තෙන් ලියූවකි)
දරුවන් සිව්දෙනෙකුගේ පියෙකු වූ චේ ට, දරුවන් සමඟ එකට ජීවත්වෙන්න අවස්ථාවක් ලැබුනෙම නැති තරම්. එක වෙලාවක ඔහු වෙස් වලාගෙන වෙනස් නමකුත් එක්ක සති දෙකක වගේ කාලයක් දරුවො එක්ක ඉන්න එන්නෙ තාත්තා පිළිබඳ තොරතුරු දරුවන්ගෙන් පවා සතුරාට කනවැකෙන්න තියන ඉඩකඩ වැඩි නිසයි. චේගේ ජීවතයේ වැඩි හරියක් ඉතා කටෝර අත්දැකීම්වලින් පිරී පැවතුනත් ඔහුට දරාගන්න ම අමාරු වුණේ දරුවො තනිකර දමා එන එකයි.ඒ හින්දම ද කොහෙද විවාහයෙන් පස්සෙ චේ ඇලීඩාට ලියපු හැම ලියමනකම දරුවන්ව හොඳින් බලාගන්න කියලා ලියන එක අනිවාර්‍ය අංගයක් වෙනවා.
තමන්ගේ දරුවන්ද පසෙකට කර ලෝකවාසී සුවහසක් දරුවන් වෙනුවෙන් සටන් කළ චේ , ඔහු හොඳ තාත්තෙක් විදිහට හඳුන්වන්න කොහෙත් ම කැමති වුණේ නැහැ.කොහොම වුණත් චේ ගේ ජනාදරයට පාත්‍ර වූ ලිපිය ඔහුගේ දියණිය වූ හිල්ඩා බ්‍රියට්‍රීස්ට ලියූ ලිපිය කියලා ගොඩක් දෙනෙක් දන්න දෙයක්.මේ ඒ ලිපියෙන් කොටසක්.
....මතක තබා ගන්න , අරගලයේ බොහො කාලයක් එලඹෙන්නට නියමිත ඉදිරියටය. ඔබ වැඩුණු ගැහැනියක වූ පසු , ඔබට ද අරගලය වෙනුවෙන් වූ ඔබේ කොටස ඉටුකරන්නට සිදුවනු ඇත. එතෙක් සූදානම් වන්න. ඔබේ වයසේ දී විප්ලවකාරී වීම යනු , හැකි තරම් හොඳින් ඉගෙනගැනීමත් , සාධාරණය වෙනුවෙන් පෙනී සිටීමත් ය. ඔබ නිතරම පාසලේ හොඳම ළමයින් අතර රැඳී ස්ටීමට වෑයම් කළ යුතුය. අධ්‍යාපන කටයුතු වලින් මෙන්ම විප්ලවීය ආකල්ප අතිනුත් ඔබ හොඳම දරුවෙකු විය යුතුය. වෙනත් වචනවලින් කියතොත් , යහපත් හැසිරීමෙන් - සහෝදරත්වයෙන් ඔබ හොඳම විය යුතුය. මා දරුවෙකු කාලයේ මට එසේ වන්නට නොහැකි වූයේ , අප ජීවත් වූයේ මිනිසා මිනිසාගේම සතුරෙකු වූ වෙනස් සමාජයක නිසාවෙනි. දැන් ඔබ වෙනත් යුගයක ජීවත් වීමේ වරප්‍රසාදය ලබා තිබේ ඉන් පල නෙලා ගැනීම ඔබේ වගකීමකි...
-1966 පෙබරවාරි 15 -
සාමාන්‍ය දියණියක් නොව මානවහිතවාදී දියණියක් වෙන්න වගේම අපි හිතන විප්ලවයට වඩා එහා ගිය විප්ලවයකට හිමිකම් කියන්න, සෑම දියණියකටම උරදෙන්න කියන ආයාචනය චේගේ මේ ලිපිය ඇතුළෙ තියනවා කියලා තමා මම නම් හිතන්නෙ .
කොහොම වුණත් පනගැහෙන මානවහිතවාදීගෙන් යුතු වූ නව යුගයක් ගැන චේ මැවූ සිහිනය සැබෑ වුණා ද කියන එක නම් ප්‍රශ්නයක්. ඒ වගේම චේ වැනි මානවහිතවාදීන්ගෙන් යුතු වූ ලෝකයක් නැවත හිතාගන්නටවත් බැරි තරම් . ඔහු ඒ තරමටම සමාජ ආදරවන්තයෙක්. චේට ආදරයෙන් තොර වූ විප්ලවයක් සොයා ගන්නටවත් බැරි වුණේ ඒ නිසා ය.
ලිපි උපුටනය - චේ ගේ පෙම්වතියෝ
කර්තෘ - සගරිකා දිසානායක
- අනුදි නිසල්යා වීරසිංහ-

💕
ReplyDelete❤️
Delete❤️💕
ReplyDelete❤️
Delete💪❤️
ReplyDelete❤️
Delete💝
ReplyDelete❤️
Deleteලෝකයේ අපහසුම කාර්ය මිනිසෙක්ලෙස ඉපදී මනුස්සයෙක් වීම.මනුස්සයෙක්ගැන හැගීම්බර සටහනක්නිහතමානීව තැබූ ඔබට තුති
ReplyDelete❤️
Deleteලෝකයේ අපහසුම කාර්ය මිනිසෙක්ලෙස ඉපදී මනුස්සයෙක් වීම.මනුස්සයෙක්ගැන හැගීම්බර සටහනක්නිහතමානීව තැබූ ඔබට තුති
ReplyDelete❤️
Deleteතෙත් කරන ලිවීමක්❤️
ReplyDelete❤️
Delete