බිඳුනු තල්රුක යට සිටි රතු කුසුම 🌹 රාජිනී
යුද්ධයෙන් අපට අහිමි වූ දෑ බොහෝ ය. විශාල දේපල හානි රැසක් ද මිනිය නොහැකි තරම් වූ ජීව්ත හානි රැසක් ද ඒ අතර වෙයි. උතුරේ මිනිසුන් පමණක් නොව දකුණේ මිනිසුන් ද යුද්ධයෙහි අදුරු සෙවනැලි තුළ තිස් අවුරුද්දක් බැට කා අද වන විට සාමයේ අරුණලු භුක්ති විදිමින් පසුවීම මහත් අස්වැසිල්ලක් ලෙස මම දකිමි. දේශපාලනයෙන් රටට උරුම කර දුන් ජාතිවාදි ගින්න බොහෝ මිනිසුන්ගේ මානව හිමිකම් ද උදුරාගත් බැව් පැවසීම අවිවාදිතය. එහෙයින් යුද්ධයෙන් පැහැර ගත් මානව අයිතිවාසිකම් වෙනුවෙන් නොබියව හඬ නංවමින් ජීවිතයද කැප කෙරූ වචනයේ පරිසමාප්තයෙන් ම රැඩිකල් ගැහැනියක් පිළිබඳ කෙරෙන විමසුමයි මේ...... 1954 පෙබරවාරි 23 වන දින යාපනයේ දී රාජිනී රාජසිංහම් උපත ලැබු අතර ඇය දමිළ ක්‍රිස්තියානි සමාජයකින් පැවත එන්නෙක් විය. ඇයගේ පියා වඩුක්කොඩෙයි යාපනය විද්‍යාලයෙහි නියෝජ්‍ය විදුහල්පති වූ අතර නිර්මලා , සුමති සහ වාසුකී නමින් සොහොයුරියන් තිදෙනෙකු ඇයට විය. කුඩා කළ සිටම වෙනස් මතවාදයන් තුළින් ලෝකය දෙස බැලූ රාජිනී රැඩ...