Posts

Showing posts from 2022

ප්‍රේමයක ඍතු සංධ්වනිය 🌹 🍂🍁⛆

Image
            T he Four Seasons Symphony මාව වෙනස් කරපු සංගීත සංධ්වනියක් කිව්වොත් වැරදි නෑ. මම ඇත්තටම එහෙම symphony  උනන්දුවෙන් අහන කෙනෙකුත් නෙමේ. හැබැයි මේක අහපු මුල් කාලෙට වඩා මේ මෑතකදි ආයෙමත් ඒක ඇහුවහම මට වෙනම ම හැඟීමක් ආපු නිසයි මේක ලියන්න හිතුවෙ.                  මුලින්ම මම කියන්නම්කො The Four Seasons  symphony එක  අහන්න  ලැබුනෙ කොහොමද කියලා. දැන් ටික කාලෙකට කලින් සන්තුස ලියනගේ කියන විශිෂ්ට ටෙලි නාට්‍ය අධ්‍යක්ෂකවරයා අතින් ටෙලි චිත්‍රපට ගණයේ කතා මාලා කිහිපයක් භාව තීර්ත කියන නමින් රූපවාහිනියෙ විකාශය වෙනවා. අන්න ඒ කතා මලා කීපය ඇතුළෙ විකාශය වුණ වයිලීනයේ හඬ  කියන ටෙලි චිත්‍රපටයෙ තමා මේ  Symphony එක ගැන කතා වෙන්නෙ. ඒ කතාවටත්  Symphony එකටත් මම වශී වුණා කිව්වොත් හරි.  Antonio Vivaldi                  The Four Seasons ඇන්තෝනියෝ විවැල්දි (Antonio Vivaldi) නම් ශ්‍රේෂ්ඨ ඉතාලියානු සංගීතඥාගේ නිර්මාණයක්.1718 - 1720 අතර කාලවලදි මේ S...

බිඳුනු තල්රුක යට සිටි රතු කුසුම 🌹 රාජිනී

Image
                   යුද්ධයෙන් අපට අහිමි වූ දෑ බොහෝ ය. විශාල දේපල හානි රැසක් ද මිනිය නොහැකි තරම් වූ ජීව්ත හානි රැසක් ද ඒ අතර වෙයි. උතුරේ මිනිසුන් පමණක් නොව දකුණේ මිනිසුන් ද යුද්ධයෙහි අදුරු සෙවනැලි තුළ තිස් අවුරුද්දක් බැට කා අද වන විට සාමයේ අරුණලු භුක්ති විදිමින් පසුවීම මහත් අස්වැසිල්ලක් ලෙස මම දකිමි.  දේශපාලනයෙන් රටට උරුම කර දුන්  ජාතිවාදි ගින්න බොහෝ මිනිසුන්ගේ මානව හිමිකම් ද උදුරාගත් බැව් පැවසීම අවිවාදිතය. එහෙයින් යුද්ධයෙන් පැහැර ගත් මානව අයිතිවාසිකම් වෙනුවෙන් නොබියව හඬ නංවමින් ජීවිතයද කැප කෙරූ වචනයේ පරිසමාප්තයෙන් ම රැඩිකල් ගැහැනියක් පිළිබඳ කෙරෙන විමසුමයි මේ......                 1954 පෙබරවාරි 23 වන දින යාපනයේ දී  රාජිනී රාජසිංහම් උපත ලැබු  අතර ඇය දමිළ ක්‍රිස්තියානි සමාජයකින් පැවත එන්නෙක් විය. ඇයගේ පියා වඩුක්කොඩෙයි යාපනය විද්‍යාලයෙහි නියෝජ්‍ය විදුහල්පති වූ අතර නිර්මලා , සුමති සහ වාසුකී නමින් සොහොයුරියන් තිදෙනෙකු ඇයට විය. කුඩා කළ සිටම වෙනස් මතවාදයන් තුළින් ලෝකය දෙස බැලූ රාජිනී රැඩ...