ගිනි මැදින් ලියැවුණු සහෝදරත්වයේ කවි !
ශ්‍රී ලංකාවේ වාර්ගික අරගලය පසුබිම් කරගනිමින් ලියැවුණු කවි ( 1980 / 1988 ) අපි දන්න කාලෙ ඉදලා අදවෙනකල් ම ජනවාර්ගික ගැටලු කිසි අඩුවක් නැතුව තියන රටක් මේක. මූලික ජන වර්ග හතරක් මේකෙ ඇතුලෙ ජීවත් වුණත්, එකිනෙකා පරයා යෑමට කුලල් කා ගැනීම ම ඛේදයක්. . සාමාන්‍ය පුරවැසියො වෙන අපිට අනිත් සහෝදරයින් ගැන කිසිම අවුලක් නැති වුනත් දේශපාලඥයොන්ට නම් දෙපැත්ත කොටවන්න සෑහෙන්න උවමනාවක් තියනවා කියලා කියන්න ඕන නෑනෙ. රටේ ඇති වෙච්ච හැම කෝලාහලයකටම හර්තාලයකටම අරගලයකටම බෝම්බ පිපිරීමකටම දේශපාලනය ඍජුව හෝ වක්‍රව සම්බන්ධ වෙනවා. සියවසක් ඇතුළත අපිව කණපිට ගහපු හර්තාල,අරගල,කෝලහල එකින් එක මතක් කරොත් , 1915 - මරක්කල කෝලාහලය 1958 - ශ්‍රී අරගලය 1983 - කලු ජූලිය අවුරුදු තිහක යුද්ධෙ ඉදලා සහරාන් බෝම්බ දාන දවස වෙනකල් ජනවාර්ගික ප්‍රශ්නවලින් ඉහටත් උඩින් බැට ක...