ප්‍රේමයක ඍතු සංධ්වනිය 🌹 🍂🍁⛆
T he Four Seasons Symphony මාව වෙනස් කරපු සංගීත සංධ්වනියක් කිව්වොත් වැරදි නෑ. මම ඇත්තටම එහෙම symphony උනන්දුවෙන් අහන කෙනෙකුත් නෙමේ. හැබැයි මේක අහපු මුල් කාලෙට වඩා මේ මෑතකදි ආයෙමත් ඒක ඇහුවහම මට වෙනම ම හැඟීමක් ආපු නිසයි මේක ලියන්න හිතුවෙ. මුලින්ම මම කියන්නම්කො The Four Seasons symphony එක අහන්න ලැබුනෙ කොහොමද කියලා. දැන් ටික කාලෙකට කලින් සන්තුස ලියනගේ කියන විශිෂ්ට ටෙලි නාට්‍ය අධ්‍යක්ෂකවරයා අතින් ටෙලි චිත්‍රපට ගණයේ කතා මාලා කිහිපයක් භාව තීර්ත කියන නමින් රූපවාහිනියෙ විකාශය වෙනවා. අන්න ඒ කතා මලා කීපය ඇතුළෙ විකාශය වුණ වයිලීනයේ හඬ කියන ටෙලි චිත්‍රපටයෙ තමා මේ Symphony එක ගැන කතා වෙන්නෙ. ඒ කතාවටත් Symphony එකටත් මම වශී වුණා කිව්වොත් හරි. Antonio Vivaldi The Four Seasons ඇන්තෝනියෝ විවැල්දි (Antonio Vivaldi) නම් ශ්‍රේෂ්ඨ ඉතාලියානු සංගීතඥාගේ නිර්මාණයක්.1718 - 1720 අතර කාලවලදි මේ S...