Posts

Showing posts from June, 2020

කැමරාවේ ස්ත්‍රී සලකුණ

Image
කැමරාවේ ස්ත්‍රී සලකුණ   📸             ගෑනුන්ගේ මොලේ හැන්දිමිටේ තරම්වත් නෑ කියලා පිරිමි හැම වෙලේම කාන්තාව පහතට දාල කතා කරන්න පුරුදු වුණේ අද ඊයේ නෙමෙයි නෙ. දකුණු ආසියානු කලාපයේ ජීවත්වන අපි වගේ ආගම්වාදී රටක කාන්තාව ගෙයි මුල්ලේ තියාලා පිරිමි වැඩ්ඩෝ වුණ අවස්ථා අතීතයේ දී දකින්න හම්බුනත් අද වෙනකොට කාන්තාව කියන භූමිකාව ගෙයි එලිපත්තට ඇවිල්ලා සමාජීය වශයෙන් සෑහෙන තැනක් අත්පත් කරගෙන තිබීම ම ලොකු ජයග්‍රහනයක්.          කොහොම වුණත් ආසියාවේ වගේම යුරෝපීය සමාජය ද අතීතයේ ඉදලා ම කාන්තාව දෙස බැලුවේ ලිංගික වස්තුවක් විදිහට වගේම ගෙදර මෙහෙකාර තනතුරේ තියලා කියන එක නම් අමුතුවෙන් කියන්න ඕන කාරණයක් කියලා මං හිතන්නෙ නැහැ.          කැමරාව ලෝකයට බිහි වෙන්නෙම රඳල, මෙන්ම පිරිමි අත රැඳෙන අමුතු ආකාරයේ භාණ්ඩයක් විදිහටමයි. පිරිමින් තමන්ගේ පුර්ෂාධිපත්‍ය තවතවත් යහමින් ලෝකයාට පෙන්වන්නටත් කැමරාව මුල් කාලයේ දී භාවිතයට ගත්තා. කොහොමින් කොහොම හරි කාලයාගේ ඇවෑයමෙන්  ඡායාරූපශිල්පය පිරිමින්‍ට සින්නක්කරවම අයිති වෙනවා.       60 දශකය ...