හක්කෙ බුදු රැස් බොක්කෙ දඩමස්
හක්කෙ බුදු රැස් බොක්කෙ දඩමස් බුදුන් යැයි කියා ගන්නා බොහෝ දෙනෙක් අද පහළ වීම එක්තරා ආකාරයකින් සතුටට කරුණක්.ඒ ඒ බුදුවරුන්ට ඒ ඒ අනුගාමිකයන් ඉන්න එක ගැනද මට තියෙන්නේ ඉතා ශ්‍රද්ධාශීලී සතුටක්. බුදු දහමේ සැබෑ හරය බොහෝ භික්ෂූන් ගිහියන්ට පහදලා දෙන්න මාර උත්සහයක නිරත වෙනවා අපි දෛනිකව දකිනවනෙ. 1. සියළු දේ අනිත්‍යයි. 2.සසර කෙටි කරගන්න මාර්ගය තනා ගන්න ඕන 3.සුගතියේ සිත පිහිටවගෙන කටයුතු කරන්න ඕන. 4.ලෝභ ද්වේශ මෝහ අතහැර නිර්වාණය කරා යන්න ඕන . ඔන්න ඔය උඩින් තියන විදිහට උන්වහන්සේලා ගිහියන්ට සසරින් එතෙර වෙන්න බණ දේශනා කරනවා. සියළු දේ අනිත්‍යයි, අල්පේඡ්චව ජීවිතය ගත කරන්න කියලා භික්...