Posts

Showing posts from April, 2020

සයිබර් ප්‍රේමයෙන් වෙළෙමු ද?

Image
සයිබර් ප්‍රේමයෙන් වෙළෙමු ද?         එකිනෙකා ආදරය ප්‍රකාශ කරන විධි වෙනස්.කලින් පරම්පරාවෙ නම් එකම ආදර ප්‍රකාශන මාදිලිය වුණේ 'ලියුම්'. ටිකක් සම්භාව්‍ය විදිහට කිව්වොත් 'ආදර හසුන්'. එක ලියුමක් යවලා සති ගණන් මාස ගණන් ඊට පිළිතුරු ලිපියක් එනකල් බලන් ඉන්න, ඒ කාලෙ පෙම්වතුන් පෙම්වතියන්ට සිද්ද වුණා. කොහොම වුණත් ලියුමෙ පිහිටෙන් එදා කොල්ලො කෙල්ලොන්ට හොඳ සාහිත්‍ය දැනුමක් පිහිටලා තිබ්බා කියලා මං අමුතුවෙන් කියන්න ඕන නෑනෙ.            දුරකතනයත් ජංගම වෙලා හැමෝම අතට ආවට පස්සෙ ලෝකෙම තනි යායක් වුණේ ග්‍රැහැම්බෙල්වත් හිතපු නැති විදිහට . කෙටි පණිවිඩ නැත්නම් SMS කියන අලුත් සන්නිවේදන ක්‍රමයට තරුණයින්ගේ ආශක්ත වීමත්  එක්ක ලියුම් පැත්තකට විසිවෙනවා. මුල් කාලෙදි නම් අකුරු,අංක ගහපු බොත්තම් ටිකක්, ඇඟිලි රිදෙනකල් එබුවෙ ආදරේ නාමයෙන් ඒ වේදනාවත් අමතක කරලා . ඊටත් පස්සෙ ආපු Smart Phones අපිව උඩුයටිකුරු කරනවා.           සමාජ ක්‍රමේ වගේම ආදරයත් වෙනම ම පැත්තකට අරං යන්න ඔය Smart Phones වලට පුළුවන් වෙනවා.කතා කරලා ,Message එ...

සෝප් ඔපෙරා හා කොරෝනා

Image
සෝප් ඔපෙරා සහ කොරෝනා            අවුරුදු ගණනාවකට පස්සෙ අපිට හම්බුන හොඳ ම නිවාඩුව මේක වෙන්න ඇති. හැමෝම කාලෙක ඉදලා බලාපොරොත්තු වුණේ හොඳ නිවාඩුවක්.       සෑහෙන කට්ටක් කාලා Office එකෙ බොසාගෙන් නිවාඩුවක් ඉල්ලන් පස්සෙන් යන්නයි , Campus වල Strike එනකල් බලන් ඉන්න ඈයොන්ටයි මදි නොකියන්න හම්බුන හොඳ නිවාඩුවක් මේක.                   කොරෝනා නොපෙනෙන ආශිර්වාදයක් වෙන්නෙ ම ඔය හින්දා. මම නම් හිතන්නෙ ලෝකෙ හුස්ම ගන්නෙ දැනුයි.හැම අවුරුද්දකම මාස 2 ක් ලොකෙට ම Lock Down එකක් දුන්නොත් මරු.       හැබැයි පොඩි කොස්සක් තියෙන්නෙ මෙගා වගේම සෝප් ඔපෙරා කරන සෙට් එකට තමයි.මාසෙන් මාසෙට Scripts ලියවෙන සෝප් ඔපෙරා වලට දැන් Shooting කරන්න විදිහක් නැහැ. ඒ හින්දම ප්‍රේක්ෂකයෝ මේ දවස්වල සෑහෙන්න දුකට පත්වෙලා කිව්වොත් මං හරි.      මුලින්ම Radio හරහා මාලා නාටක වශයෙන් සෝප් ඔපෙරා ලෝකෙට බිහිවෙන්නෙ අමෙරිකා එක්සත් ජනපදයෙන්.පසුකාලීනව එය රූපවාහිනී මාලා නාටක වැඩසටහන් විදිහට විකාශනය වෙනවා. අධික ප...

ෆ්‍රෙඩීගේ බොහීමියානු සොයා යෑම

Image
    ෆ්‍රෙඩීගේ බොහීමියානු සොයා යෑම               Freddie Mercury (ෆ්‍රෙඩී මර්කරි)  නම ඇහුන ගමන් ඔහුව දන්නෝත් නොදන්නොත් ඉන්න පුළුවන්.හැබැයි ඔහුගේ එකදු ගීතයක්වත් අහලා නැති කෙනෙක් ඉන්න බැහැ.  ප්‍රසිද්ධ පොප් ගායන කණ්ඩායමක් වූ  Queen  සංගීත කණ්ඩායමේ නායකයා වන Freddie Mercury ගේ Radio gaga , Killer Queen, Don't stop me now , Fat bottomed girl , Somebody to love , We will rock you ආදී ඔහුගේ ගීත අතරිනුත්  ජනප්‍රියතම ගීතය වුණේ Bohemian Rhapsody ගීතය යි.           මේ ඔබට කියන්න යන්නේ Freddie Mercury ගැනම නෙමෙයි. 2019 වසරේ නිර්මාණය වූ විශිෂ්ඨ සිනමා නිර්මාණයක් ගැන . ඒ  Bohemian Rhapsody . Bryan singer නම් සිනමාවේදියා විසින් නිර්මාණය කළ මෙම චිත්‍රපටය Freddie Mercury ගේ ජිවිතයෙහි සත්‍ය සිදුවීම් අළලා නිර්මාණය වූවක්. Freddie ගීත ලෝකයට ප්‍රවිශ්ඨ වීමේ සිට තම සංගීත සලකුණ ලෝකය මත පතිත කිරීම දක්වා වූ කාල සීමාව චිත්‍රපටයට ඇතුලත්.       ජීවිත ගමන තුල Fred...

වර්ණභේදවාදයට කෙටි සිනමාවෙන් උත්තර

Image
වර්ණභේදවාදයට  කෙටි සිනමාවෙන් උත්තර                    හොඳ මිනිසුන් නරක මිනිසුන් ලෙසින් මිනිසුන් බෙදන්න බැරි බව ඇත්ත ය. ඒ වගේම සුදු සහ කළු ලෙසද මිනිසුන් වර්ග කරන්න බැහැ . සෑම මිනිසෙකුම සුදු සහ කළු පැතිකඩයන්ගෙන් නිර්මිත සුදු කළු මිනිස්සු.             වර්ණභේදවාදය කාලෙක ඉදලා ලෝකයට වදයක් වෙච්ච කාරණයක් කියලා මම අමුතුවෙන් කියන්න ඕන නැහැ නෙ. හැමෝටම තමන්ට පොදු වෙච්ච සිහිනයක් තිබ්බා . ඒ නිදහසේ සිහිනය . හැම ජාතියකටම ආගමකටම කුලයකටම සම ව සළකන ලෝකයක් ගැන හැමෝම හීන මැව්වා . මම නම් හිතන්නෙ කෙටි සිනමාව ඒ හීනයට කිසියම් වූ උත්තේජකයක් සැපයූවා කියලයි .        කෙටි චිත්‍රපට කෙටි වුණත් සමාජයට එයින් සිද්ධවෙන බළපෑම සුළුවට තකන්න අමාරුයි. වර්ණභේදවාදය දෙස උපහාසාත්මක ඇසකින් නරඹන්නටත් කියවන්නටත් සමාජය යොමු කරන්නට කෙටි චිත්‍රපට තැබූ පිම්ම ගැනයි මේ කතිකාව .      The Lunch Date කෙටි චිත්‍රපටය  අමෙරිකානු ජාතික ඇඩම් ඩේවින්ගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වූවක්. ඉහළ පැළැන්...

ඊනියා ප්‍රෝඩාවට පීඩියා ප්‍රෝ

Image
ඊනියා  ප්‍රෝඩාවට  පීඩියා ප්‍රෝ                                                                                                  ඡයාරූපය - අනුදි නිසල්‍යා වීරසිංහ           උදේ පාන්දර තමන්ගෙ වැඩටික පටන් ගන්න කලින් Bed tea එකක් නොබී ඉන්නෙ කවුද ? සමහරුන්ට ඒක නොබී දවස ගෙවා ගන්නත් අමාරු බව මම දන්නවා. කිරි පිටි ඒ තරම් ම අපේ ජීවීතයට දැන් බද්ධවෙලා කිව්වොත් මං හරි.             මව් කුසෙන් එළියට එන ළදරුවා පවා මව් කිරි වලට කලින් පීඩීයා ප්‍රෝ බොන්නට හුරුවෙලා තියෙන්නෙත් පිටි කිරි තරම් පෝෂ්‍යදායී බීමක් ලෝකෙ නැහැයි කියලා ඔප්පු කරමින්.           නවසීලන්තයටවත් කිරි නිෂ්පාදනය කරගන්නට ගවයො නොමැති වූ කල අපිට එවන්නෙ සැබෑ එලකිරිම ද කියන ගැටලුව එන්නෙ ...

කොන්දේසි විරහිතව ආලය පුදන්න

Image
කො න්දේසි විරහිතව ආලය පුදන්න      ආදරයයි රාගයයි පටලවගෙන ඉන්න සමාජෙක අපිට කොහොමටවත් බටහිරවාදී ප්‍රේමාන්විත නිදහස බුක්තිවිදින්න හම්බෙන්නෙ නැහැ.       ඒක අපි වගේ දූපතකට මෙන්න පෙරදිග රටවලට තියන තවත් එක් හීනයක් විතරයි. ප්‍රේමයේ නොයෙකුත් පරාස තිබුනත් මම මේ කියන්න යන ප්‍රේමය නම් බහුතරයකට ලැබෙන තවත් බහුතරයකට නොලැබෙන අපි උත්තරීතරයි කියලා හිතන , පිළිගන්න ප්‍රේමය ගැන.            ඇත්තටම ඇයි අපි ප්‍රේම කරන්නෙ? ඒකට බොහෝ දෙනෙක් නොයෙකුත් අදහස් කියයි.ඒත් අද වෙනකල්ම කාටවත් ප්‍රේමයට හරි නිර්වචනයක් දෙන්න බැරි වෙලා තියනවා.මම නම් හිතන්නෙ ප්‍රේමය එක් එක්කෙනාට දැනෙන විදිහ වෙනස් නිසා එකිනෙකා ප්‍රේමයට දෙන අර්ථකතන වෙනස්. මගේ අදහස නම් ප්‍රේමය කියන්නෙ කොන්දේසි විරහිතව අනෙකා පසසන එකට. එවැනි කොන්දේසි විරහිත වීමකට වයස,ආගම,කුලය,වත්පොහොසත්කම අදාලම නැහැ. උපුල් ශාන්ත සන්නස්ගල සහ ආරතී දේවී මොහන්දාස් කියන මේ දෙන්න  එකතු වෙලා May December Romance කියලා පොතක් ලියනවා. ඒක මෙන්න මෙහෙම තියනවා. "වඩා වියපත් කවුරු දැයි ඔවුහූ නො ...

සිනෙ මායාවක හිරවෙන්න එන්න ....

Image
සිනෙ මායාවක හිරවෙන්න එන්න ....       මේකෙ ඇතුලෙ අපි ඉන්නෙ පට්ට අවුලකින් කියලා මම අමුතුවෙන් කියන්න ඕන නැහැ නෙ. කොහොම වුනත් System change කරන්න අරක change කරන්න මේක change කරන්න කිය කිය පඬි කතා කියන්නෙත් මේකෙ ඉන්න බැරිම තැන තමා.      මේකෙන් පොඩ්ඩක් එළියට ගිහිල්ලා අපි හිතන් ඉන්න මායාවක් ඇතුළෙ හිරවෙන්න තියන කැමැත්ත දන්නෙ මේ පට්ට upset System එක ඇතුළෙ කට්ට කන උන් ම තමයි. ඔන්න ඔය වෙලාවට තමයි හම්බෙන හැම ඉඩකදිම මනෝ පාරක් ගහන්න කට්ටිය පෙළඹෙන්නෙ. හීන ඒකට හොඳම දේ කියලා කෙනෙක්ට කියන්න පුලුවන් වුණත් රෑට හීන පෙන්නෙ නැති අයත් ඉන්නවානෙ.  ඔන්න ඔය මායාව ඇතුලේ තාත්වික විදිහට කරක්ගහන්න හොඳම ක්‍රමයක් හොයනකොට තමයි  චිත්‍රපටි සහ ටෙලි හම්බෙන්නෙ.        ටෙලි ගැන කතා කරොත් ඒක වෙන වෙනම Category  ගොඩකට බෙදන්න පුලුවන්. ඒ ඒකාංගික,මෙගා,සෝප් ඔපෙරා විදිහට. කවුරු මොනා කිව්වත් ඔය හැම Category  එකකටම අනන්‍ය වූ නරඹන්නන් ප්‍රජාවක්  ඉන්නවා. ඒ වෙන මොකටවත් නෙමෙයි තමන් බලාපොරොත්තු වෙන Systems ඇතුළෙ හිර වෙන්න තියන කැමැත්තට.ඒක රැඩිකල්...

අපි දුවන්න ම ඕනද??

Image
අපි දුවන්න ම ඕනද??                                    දුබලයොත් එක්කම දුවන්න තමා අපි කැමති.     අපි  බලාපොරොත්තු වෙන්නෙත් දුබලයොත් එක්කම දුවන්න.මොකද අපිට නිතරගයෙන් ම දිනන්න පුලුවන් හින්දා.           ප්‍රබලයො දුවද්දි දිනුම් කණුව පිටිපස්සට වෙලා අත්පුඩි තලනවා ඇරෙන්න අපි ඔවුන් එක්ක කරට කර දුවන්න යන්නෙ නැහැ.ඒ අපි පරාදවෙයි කියලා තියන බයට.           ප්‍රබලයො , දුබලයොන්ව හැමදාම පාගනවා,තලනවා කියලා කෑ ගැහුවත් මට හිතෙන විදිහට ඒක එහෙම නෙමෙයි.                                         අපි දුබලයො කියලා අපිම හිතනවා.එහෙම හිතින් හිත හිත අපේ හිත අපිම පට්ට විදිහට පාවලා දෙනවා. ඒ වගේම අපේ හිතින් අපි නම් කරගත්ත ප්‍රබලයො කියා ගන්නා කට්ටියක් අපි උඩින් තියා ගන්නවා.            දුබලයො වෙනුවෙන...